brand logo
logo

උතුරේ සිංහල ග්‍රාම නාම වෙනස් කළ යුත්තේ මධ්‍යම රජයෙන් විමසීමෙන් පසුවයි - මන්ති‍්‍ර සිවාජිලිංගම්.

25 August 2018

උතුරේ සිංහල ග්‍රාම නාම ඉවත් කර දෙමළ ග්‍රාම නාම යෙදීම තීරණය කළ යුත්තේ මධ්‍යම රජය සහ උතුරු පළාත් සභාව සකච්ඡා කිරීමෙන් පසුව  බව උතුරු පළාත් සභා මන්ති‍්‍ර එම්. කේ. සිවාජලිංගම් පවසයි. උතුරේ සිංහල ග්‍රාමයන්වලට දෙමළ නම් යොදා නාමපුවරුද ප‍්‍රදර්ශනය කළ යුතු බවට උතුරු පළාත් මහ ඇමතී සී. වී. විග්නේෂ්වරන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සිවාජලිංගම් මහතාගෙන් "අරුණ" කළ විමසීමකදී ඒ මහතා එසේ පැවසීය. "එක එක අය කරන ප‍්‍රකාශ නිසා නොයෙකුත් ගැටලු පැන නගින බැවින් තනි මතවලට ඉඩ නොදී සාකච්ඡාවෙන් ප‍්‍රශ්න නිරාකරණය කර ගත යුතු බවද  මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේය." නාගදීපය යන නම වෙනුවට නයිනතිව් ලෙස නාමපුවරුවල සදහන් කරන ලෙස උතුරු පළාත් මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් පසුගිය 18 දා පළාත් රාජ්‍ය නිලධාරින්ට දැනුම් දී තිබුණි.
 

More News..