අතන මෙතන

උඩරට එළවලු වගාවන්ට තර්ජන

මධ්‍යම කදුකරය තුල මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ උඩරට ප්‍රදේශයේ සමහර  වගාවන් විනාශ විමේ තර්ජනයකට ලක් විමත් සමග මෙම ප්‍රදේශ තුල එළවලු මිල තවත් ඉහල යාමේ අවදානමක් හට ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන ආගරපතන, ඩයගම, බගවන්තලාව වැනි ප්‍රදේශවල සමහර එළවලු ගොවින් පවසනුයේ මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත එළවලු වගාවන් විනාශවිමේ තර්ජනයකට ලක්ව ඇති බවත්ය.

මෙම දිනවල මෙම ප්‍රදේශයන් තුල අලුයම් කාලයේ දැඩි පින්නක් පවතින බවත් දහවල් වන විට දැඩි අව් රස්මියක් පවතින බවත් මෙම තත්වයන් මත එළවලු වගාවන් වගා බිමේදිම වියළි යන තත්වයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් මත ඉදිරියේදි එලවලු නිසි ලෙස වෙලදපලට නොලැබිමෙන් එළවලු මිලද දැඩි ලෙස ඉහල යමට හැකි බවද ඔවුන් වැඩි දුරටත් පවසන ලදි.

 

මනුර සුදත්