ගොසිප්

ඊයේ රැස්වූ ව්‍යවස්ථා සභාවට සජිත් නෑ

පාර්ලිමේන්තුවේ දී ඊයේ පෙරවරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාවට අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතුන් මෙන්ම එජාප නියෝජිත තලතා අතුකෝරල යන තිදෙනා සහභාගි වී නොමැති බව වාර්තා වෙයි.

රාජකාරී කටයුත්තකට සහභාගී වීම හේතුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවන බව දැනුම් දී ඇතත් සජිත් පේ‍්‍රමදාස මහතා විපක්ෂ නායකයා ලෙස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර නොමැති නිසා ඊට සහභාගී වී නොමත්ගි බවද වාර්තා වෙයි.