අතන මෙතන

ඉහළ කොත්මලේ ජලාශයේ කාන්තා මළ සිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් අද (25) පෙ.ව. 09.00 ට පමණ සොයාගත් බව තලවාකැලේ පොලීසිය පවසයි.

අවුරුදු 30-35 ත් අතර වයසේ පසුවන මෙම කාන්තාවගේ මල සිරුර හමු වූ අවස්ථාවේ රතු හා කහ වර්ණ මිශ්‍ර මල් සහිත ගවුමක් ඇඳ සිටි බව පොලීසිය පවසයි.

මළ සිරුර සම්බන්ධව මහේස්ත්‍රාත් පරික්ෂණය අද දහවල් නුවරඑළිය දිසා අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් තලවාකැලේ පොලීසිය පරික්ෂණ පවත්වයි.

චන්දන ජයවීර – හැටන්