Uncategorized

ඉලෙක්ට්‍රොනික කාඩ් වාර්තා ලබාගන්නන්ට කොමර්ෂල් බැංකුවෙන් රුපියල් මි. 02 ක තෑගි

විදේශීය සංචාර දෙකක් දිනාගැනීමේ වරම්. ඊ-වාර්තා වෙත පිවිසෙන පළමු 1000 සඳහා එක් අයෙකුට කොම්බෑන්ක් මැක්ස් ලෝයල්ටි ප්‍රතිලාභ ලකුණු 2000 ක් බැගින් පරිසරය සහ මිහිතලය ආරක්ෂාකර ගැනීම පිළිබඳව අවධානය යොමුකරමින් මුද්‍රිත වාර්තා වෙනුවට ඉලෙක්ට්‍රොනික වාර්තා ලබාගැනීම තෝරාගන්නා කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට බැංකුව විසින් රුපියල් මිලියන 02 කට වැඩි මුදලක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.

කොමර්ෂල් බැංකුව සමග අලුතින් ලියාපදිංචි වන ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සහ දැනටමත් සිටින ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් ‘ඊ-වාර්තා පමණයි’ යන විකල්පය තෝරාගන්නවා නම් බැංකුව ලබාදෙන සිංගප්පූරු සවාරිය දිනාගැනීමේ දිනුම් ඇදීමට සුදුසුකම් ලබන බව බැංකුව නිවේදනය කර ඇත. මෙහිදී, බැංකුව විසින් මෙම සිංගප්පූරු සවාරිය සඳහා යෑමට ඒමට ගුවන් ටිකට් පත්, ආහාර පාන සමග හෝටල්වල නවාතැන් පහසුකම්, ගුවන් තොටුපොළ සිට හෝටලයට යෑමට ප්‍රවාහන පහසුකම් සපයන බව බැංකුව සඳහන් කරයි. මෙම ප්‍රවර්ධන කාල සීමාවේදී ඊ-වාර්තා ලබාගැනීම සඳහා පිවිසෙන පළමු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් 1000 සඳහා එක් අයෙකුට මැක්ස් ලෝයල්ටි ප්‍රතිලාභ ලකුණු 2000 බැගින් ලබාදීමට බැංකුව කටයුතු කරනු ඇත. මෙම මැක්ස් ලෝයල්ටි ප්‍රතිලාභ ලකුණක් රුපියලක වටිනාකමක් ගන්නා අතර ඒවා වැය කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට හැකියාව ලැබේ.

මෙම ප්‍රවර්ධන වැඩසටහන 2020 අප්‍රේල් 10 වනදා දක්වා සිදුකිරීමට බැංකුව සැලසුම් කර තිබෙන අතර මේ තුළින් තවදුරටත් කඩදාසි භාවිතය අඩු කිරීමට ඇති වනු ඇතැයි බැංකුව අපේක්‍ෂා කරයි.