ඉලෙක්ට්‍රික් මෝටර් රථවලට හොඳ කාලයක්
30 December 2021
ඉලෙක්ට්‍රික් මෝටර් රථවලට හොඳ කාලයක්
30 December 2021
වාහන අලෙවිකරුවන් මිල ගණන් ගැන කියන අලුත්ම කතාව
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල නැවත නැවතත් ඉහළයාම හේතුවෙන් ඉන්ධන බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ අලෙවිය කැපී පෙනන ලෙස අඩුවී තිබේ. ඊට ප්‍රධාන හේතුව ඉන්ධනම පමණක් නොවන අතර, දැනට රට තුළ භාවිතා කළ වාහනවල පවතින මිල ගණන් ද හේතුවී ඇත. පළමු වරට වාහනයක් නැතිනම් මෝටර් රථයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් ද මේ වන විට එම අදහස වසරකට දෙකකට කල්දැමීම සුදුසු බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් ඉන්ධන බලයෙන් ක්‍රියාකරන වාහනවල අලෙවිය පහළ ගිය ද විදුලි බලයෙන් එසෙත් නොමැති නම් ඉලෙක්ට්‍රික් වාහන අලෙවිය තරමක පිබිදීමක් දක්නට ඇති බව වාහන අලෙවිකරන මධ්‍යස්ථානවල හිමියන් පවසයි.කෙසේ වෙතත් ඉන්ධන ගැටළුව සමග ඉලෙක්ට්‍රික් වාහනවලට මාරුවීම යහපත් බවට යම් යම් පුද්ගලයින්ගේ මතය වේ. එමෙන්ම ලොව මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම් රැසක් මේ වන විට ඉන්ධන භාවිතයෙන් ක්‍රියාකරන මෝටර් රථ වෙනුවෙන් විදුලිබලයෙන් ක්‍රියාකරන මෝටර් රථ ඇතුළු වාහන නිෂ්පාදනය කිරීම වේගවත් කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් පුවත් වලින් දකින්නට අසන්න ලැබේ.මේ වන විට මෙරට තුළ භාවිතා කළ නිශාන් ලීෆ් වර්ගයේ මෝටර් රථයක මිල කොවිඩ් වසංගත තත්ත්වයට පෙර පැවැති මිල ගණන් වලට වඩා ලක්ෂ ගණින් ඉහළ ගොස් තිබේ.
වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් පවසන්නේ භාවිතා කළ වාහනවල මිල ගණන් ඉහළ යාම සිදුවන්නේ එක් එක් අලෙවිකරුවන් විසින් කෘතිමව සාදාගන්නා මිල ගණන් අනුව බවයි.මේ අතර මෙරට තුළ භාවිතා කළ වාහනවල මිල ගණන් ලබන ජනවාරි මාසයේ සිට තවත් ඉහළ යාහැකි බව වාහන අලෙවිකරුවන් පවසයි.