අතන මෙතන

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලය ඉදිරිපසින් මෝටාර් උණ්ඩයක් හමුවෙයි

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ යාපනය චාවකච්චේරි පිහිටි පක්ෂ කාර් යාලය ඉදිරිපස තිබි මෝටාර් උණ්ඩයක් අද(14) හමුවි ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ අදාළ ප්‍රදේශයේ ජල නළ පද්ධතියක් එලීමට බැකෝ යන්ත්‍රයකින් කානුවක් කැපීමේදී අදාළ මෝටාර් උණ්ඩය හමුවි ඇති බවයි.

අදාළ කාර් යාලය උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී කේසවන් සයේන්ද්‍රන් මහතා විසින් මීට පෙර භාවිතා කොට තිබු යාපනය ආරක්ෂක අංශ පවසති.

මෝටාර් උණ්ඩය හමුවු ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නියමිත බවද චාවකච්චේරි පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය