brand logo

ඉන්ධන ගන්න ඇවිත් තවත් අයෙක් මියයයි

21 June 2022

අනපේක්ෂිත මරණයක්

පිළියන්දල - හොරණ මාර්ගයේ කැස්බෑව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඇති වැවට බසින ලද පුද්ගලයෙකු දියේ ගිලී තිබේ. එම පුද්ගලයා වැවට බසින ලද අවස්ථාවේ දී ඒ අවට සිටි පිරිස ඔහුව ගෙඩට ගෙන පිළියන්දල රෝහලට ඇතුළත් කර ඇත. පොලීසිය පැවසුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවය. එම පුද්ගලයා අවුරුද 32- 40ත් අතර පසුවන්නෙකු බවට සිතිය හැකි නමුත් අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි. උඩුකය නිරාවරණය ව තිබූ එම පුද්ගලයා කොට කලිසම කලිසමකින් පමණක් සැරසී සිට ඇත. මිය ගිය පුද්ගලයා ඉන්ධන ලබාගැනීමට යතුරුපැදියකින් පැමිණියේ ද ? ත්‍රීරෝද රථයකින් පැමිණියේද? යන්න හා නැත්නම් වෙනත් වාහනයකින් පැමිණියාද? යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. එම පුද්ගලයා මුහුණ සේදීමට හෝ කටයුත්තක් සඳහා පැමිණ සිටියදී වැවට වැටෙන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
 

More News..