ඉන්දු -එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ වාර්තාගත සටහනක් තැබීමේ අවස්ථාව කෝලිට
21 August 2018
ඉන්දු -එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ වාර්තාගත සටහනක් තැබීමේ අවස්ථාව කෝලිට
21 August 2018
නායක විරාට් කෝලි ප‍්‍රමුඛ ඉන්දීය පිතිකරුවන් ලබාදුන් ලකුණු 521 ක දැවැන්ත ඉලක්කය හඹා යන සත්කාරක එංගලන්තය දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට කිසිවෙකුත් නොදැවී ලකුණු 23 ක් රැුස්කරගෙන සිටියේය.
ඒ අනුව එංගලන්තය මෙම තරගය ජයග‍්‍රහණය කිරීමට නම් දවස් දෙකකදී තවත් ලකුණු 498 ක් රැුස්කරගත යුතුව තිබේ.
සුපුරුදු පරිදි නැවත වරක් ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට නැංවූ විරාට් කෝලි සිය ටෙස්ට් දිවියේ 23 වැනි ශතකය කරා පිවිසියේය. කෝලි සිය ශතකය කරා පිවිස මද වේලාවකින්, කි‍්‍රිස් වෝක්ස් එවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට හතරේ පහර 10 ක් සමගින් ලකුණු 103 ක් රැුස්කරගෙන සිටියේය.
එම ලකුණු සංඛ්‍යාවත් සමග ටෙස්ට් තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී කෝලි විසින් රැුස්කර තිබෙන මුලූ ලකුණු සංඛ්‍යාව 440 කි. එය ඉන්දීය කණ්ඩායමේ නායකයෙකු ලෙස ක‍්‍රීඩා කරමින් එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියකදී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. මීට ඉහතදී 1990 වසරේදී ලකුණු 246 ක් රැුස්කරගෙන සිටි හිටපු ඉන්දීය නායක මොහොමඞ් අසාරුඞීන් ඉදිරියේ අදාළ වාර්තාව ලියැවී තිබිණි.
මීට අමතරව දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැුස්කරගෙන සිටින්නේ රාහුල් ඩ‍්‍රාවිඞ්ය(ලකුණු 602) මේ වනවිට ලකුණු 440 ක් රැුස්කරගෙන හා තවත් තරග දෙකක් මේ තරගාවලිය යටතේ ක‍්‍රීඩා කිරීමට නියමිත බැවින් විරාට් කෝලිට ඩ‍්‍රාවිඞ්ගේ ලකුණු සංඛ්‍යාව අභිබවා යාමේ වැඩි අවස්ථාවක් පවතී.