brand logo

ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට ට ඇතුළුවීම නාවික හමුදාව වළකයි

04 May 2021

මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක පුද්ගලයින් 86 ක් සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට අද (04) දින නාවික හමුදාවට හැකි විය. නාවික හමුදාව සදහන් කළේ නාවික භටයින් විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන විශේෂ මුර සංචාරයකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි. එම ධීවර යාත්‍රා සහ සැකකරුවන් ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇති බව නාවික හමුදාව සදහන් කරයි.
 

More News..