brand logo

ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවේ සහයට

20 September 2022

අසත්‍ය මාධ්‍ය වාර්තා වලට ඉන්දීය මහකොමසාරිස් පිළිතුරු දෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වැදගත් අංශ සඳහා දිගින් දිගටම උදව් කරන බව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ පවසයි. එමෙන්ම විශේෂයෙන් දිගුකාලීන ආයෝජන දිරිමත් කරන බවත් ප්‍රකාශ කර ඇත. එහි අරමුණ වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් ප්‍රකෘත්ති තත්ත්වයට පත්කිරීම බව මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය. ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ "ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබා නොදෙන බවට පළවූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර වශයෙන් බව" ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ වසර තුළදී මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ද්විපාර්ශවික උපකාරවල වටිනාකම ඩොලර් බිලියන 4කි. ඊට අමතරව ද්විපාර්ශවික සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති සඳහාද ඉන්දියාව යොදවා ඇති මුදල ඩොලර් බිලියන 3.5ක් පමණ වේ. ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උපකාර කරන ලෙස අනෙකුත් පාර්ශවකරුවන්ට ද දැනුම්දී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
 

More News..