brand logo
logo

ඇවන්ට්ගාඩ් නඩුව පෙබරවාරි 21ට කල් යයි

13 December 2018

නීති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව පෙබරවාරි 21 වැනිදා දක්වා කල් තබයි. එම නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවේ තවමත් නීතිපති උපදෙස් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීම නිසා මෙසේ කල් තබා ඇති අතර ඇවන්ට්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා පාවෙන අවි ගබඩාවේ අවි භාරකරුට සහ එහි මෙහෙයුම් කළමනාකරු යන සැකකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව පවරා ඇත. පළමු සැකකරුගේ නීතීඥවරයා කරුණු දක්වමින් කියාසිටියේ ඔහු මෙම ගිනි අවිවලට කිසිදු සම්බන්ධයක් නොමැති බවය.
 

More News..