ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම පොහොට්ටුව ජයග්‍රහණය කරයි
11 October 2019
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම පොහොට්ටුව ජයග්‍රහණය කරයි
11 October 2019
අද පැවති ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය.
ඒ සමස්ත ඡන්ද 23,372ක් ලබා ගනිමින්ය.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10,113ක් ලබාගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 07කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ඡන්ද 5,273ක් ලබා ගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 3ක් වන අතර
ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීධුර 2ක් ජයග්‍රහණය කර ඇත්තේ සමස්ත ඡන්ද 2,435ක් ලබාගනිමින්ය.
ජන්ද ගණන් කිරීමේ කටයුතු අදාළ ඡන්ද මධ්‍යස්ථාන වලදීම ගණන් කර ඇති අතර අද පැවති ඡන්ද විමසිමේදී ඡන්ද දායකයින්ගෙන් සියයට 75 කට වැඩි පිරිසක් ඡන්දය භාවිත කර ඇති බව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේය.

