අතන මෙතන

ඇල්පිටිය අවන්හල් ගැටුමෙන් තරුණයෙක් මරුට

ඇල්පිටිය අවන්හලක් තුලදි ඊයේ (23) දා රාත්‍රී කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කල බව ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙම ගැටුමෙන් මියගොස් ඇත්තේ ඇල්පිටිය 11 කණ්ව ප්‍රදේශයේ පදිංචී සොහාන් තරිඳු අර්ථසාද් (28) නැමැති පුද්ගලික ඖෂධ සමාගාමක සේවයේ නියුතු පුද්ගලයෙකි. තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ මියගිය පුද්ගලයාගේ කණ්ඩායමේ හා ගැටුමට සම්බන්ධ අනෙක් කණ්ඩායමේ පුද්ගලයන් බවත් පොලිසිය පවසයි.

තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව කරාපිටිය රෝහලට මාරුකර යවා ඇති අතර අනෙක් පුද්ගලයා බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සදහන් කරයි.

මෙම ගැටුමට අදාල කණ්ඩායම් දෙකෙහි පුද්ගලයින් කලකට පෙර හොද මිතුරන් බවත් මෑතකදී ඇතිවූ විරසකයක් මිට හේතුව වි ඇත. එක් කණ්ඩායමක තිදෙනෙකු මෝටර් රථයකින් පැමිණ ඇල්පිටිය නගරයේ අවන්හලක් තුල මත්පැන් පානය කරමින් සිටියදී මියගිය පුද්ගලයා ඇතුළු තවත් දෙදෙනෙකු සිය මෝටර් රථයෙන් එම අවන්හලටම පැමිණ ඇත.

අනතුරුව මෙම කණ්ඩායම් දෙක අතර ඇතිවූ බහිස් බස්වීමක් ඇතිවී කන්ඩායම් දෙක අතර පහරදීමක් සිදුව ඇති අතර කණ්ඩායමක සාමාජිකයෙකු මෝටර් රථයේ සඟවා තිබූ කඩුවක් රැගෙනවිත් මියගිය පුද්ගලයාට හා එම කණ්ඩායමේ තවත් පුද්ගලයෙකුට පහරදි ඇත.

එහිදි ඇතිවූ තුවාල හේතුවෙන් එම ස්ථානයේම පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. එහිදි අනෙක් කණ්ඩාමේ පුද්ලයෙකු ද තුවාල ලබා ඇත.

සිද්ධිය පිලිබඳ මහේස්ත්‍රාත් පරික්‍ෂණය ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර මහතා විසින් එදින රාත්‍රියේම සිදුකරන ලදි.

 

මහේෂ් ද සිල්වා