විශේෂාංග

ඇමරිකා ‘ෆස්ට්’ සහ ශ්‍රී ලංකා ‘ෆස්ට්’

ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරිපත් කළ ’ඇමරිකා ෆස්ට්’ (ඇමරිකාවට ප්‍රමුඛතාවය)මීට කලින් විසූ ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂයක ජනාධිපතිවරයෙකු ඉදිරිපත් නොකළ ආර්ථික දර්ශනයක් ලෙස පෙනෙන්නේ ආර්ථික විද්‍යා පොතපතේ‘ඇමරිකා ෆස්ට්’ නමින්යෙදුමක් නැති බැවිනි.මේ ලිපියේ අරමුණ ඒ ගැන සාකච්ඡා කිරිම නොවේ. ට්‍රම්ප් ඇමරිකා ෆස්ට් ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන ආකාරය විමසා බලන විට ඇමරිකාවට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා බදු (ටැරිෆ් (ඕරසff*පැනවීම කැපී පෙනේ. ඇමරිකාවේ සතුරන් සේ සැලකු චීනය, රුසියාව ආදී රටවලට මෙන්ම කලණ මිතුරන් සේ පිළිගත් කැනඩාවට, මැක්සිකෝවට සහ බටහිර යුරෝපා රටවලවලට ද ‘ටැරිෆ්’ වැදී තිබේ. මේ නිසා ඇමරිකානු වෙළඳ පොළේ ආනයනික භාණ්ඩ රාශියක මිල ඉහළ ගොස් ඇත. චීනයෙන් ආනයන කර ‘වන් ඩෝලර්’ සාප්පුවල ඩොලරයට අලෙවි කළ සමහර භාණ්ඩ දැන් ඩොලර් දහයකටත් වඩා ඉහළ ගොසිනි.
ඇමරිකාවේ වෙසෙන අඩු ආදායම් ලබන හැමදෙනා ටැරිෆ් නිසා ලොකු කරදරයක වැටී ඇතත් දේශීය කර්මාන්තකරුවන්ට ධෛර්යයක් ලැබීඇත. වෙළඳ පොළ ආරක්ෂාවීම හේතුවෙන් අලුත් සුළු කර්මාන්ත ඇරඹෙමින් පවතී. රැකීරක්ෂා සුලභ වී ඇත. ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව ඉහළ ගොස් තිබේ. සමීක්ෂණවලින් පැහැදිලි වී ඇති ලෙසට ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයට කැමැත්ත දැක්වූ කළු ඇමරිකානුවන් විශාල ප්‍රමාණයක් දැන් ට්‍රම්ප් හොඳ යයි කියති. ප්‍රාන්ත මැතිවරණ ළං වන නිසා ජනපතිවරණ සමයේ හිලරි ක්ලින්ටන්ට පක්ෂ සිටි ප්‍රධාන මාධ්‍ය ආයතන ට්‍රම්ප්ට පහර ගැසීම වැඩිකර ඇති නිසා ඇත්ත දැනගැනීම පහසු නැත.
ටැරිෆ් බදු ඇමරිකාවේ යහපත උදෙසා සිදුකරන ආරක්ෂණවාදී ක්‍රියාවකි. මෙයින් බැටකන සමහර රටවල් ප්‍රතික්‍රියා දක්වන්නේ ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩවලට අධික තීරුබදු ගැසීමෙනි. එයින් පැහැදිලි වන්නේ තම රටවල් ආරක්ෂාකර ගැනීමට එම රටවල පාලකයින්ද වෙහෙසෙන බවයි. ටැරිෆ්,චීනය සහ ඇමරිකාව අතර සිදුවන වෙළඳ යුද්ධයක් බවට පත්ව තිබේ. මෙවැනි සමයක ලංකාව හැසිරෙන්නේ හිසක් නැති රටක් හැටියටයි. රටේ සම්පත්, කර්මාන්තශාලා පමණක් නොව භූමිය පවා විදේශිකයින්ට අලෙවි වේ. ලංකා සිංගප්පූර් ගිවිසුම මගින් සිංගප්පූරුවේ අපද්‍රව්‍ය හා කුණු ගොඩවලුත් බාධා රහිතව ලංකාවට එවීමට මග පාදා ඇත. එට්කා ගිවිසුම ක්‍රියාත්මක වූ විට ලංකාවේ සියලු රැකියා ඉන්දියානුවන්ට විවෘත වේ. ලංකාවේ පෞද්ගලික අංශයේ රැකියා සඳහා පිටරැටියන් ගෙන්වීමට සිදුවිය හැකි බව පසුගිය දිනක ලංකාවේ මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ටැරිෆ් ගහමින් ආනයනික භාණ්ඩ පාලනය කරන ඇමරිකාව,ඔවුන් අකමැති පාලකයින් වෙනස් කිරීම සඳහා ආර්ථික සම්බාධක පනවයි. විවිධ හේතු ඉදිරිපත් කරමින් බුරුමය,රුසියාව, ඉරානය, උතුරු, කොරියාව ආදි රටවල් ගණනාවකට සම්බාධක පනවා තිබේ.ඩ්‍රෝන දමමින් යේමනයේ ජන සංහාරකරන සවුදියට ආයුධ අලෙවි කරයි.මානව හිමිකම් කඩකළේ යයි බුරුමයට චෝදනා නගයි. සම්බාධකවලට ගොදුරු වන නරකයන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව නැත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වූ බැවිනි.
ඇමරිකාව, අධික ටැරිෆ් බදු පනවමින් තුර්කියේ යකඩ හා ඇළුමිනියම් තම රටට පැමිණීම වළක්වා තුර්කියේ බලවත් ආර්ථික අර්බුදයක් ඇති කරන්නේ මන්දැයි මෙහිදී ප්‍රශ්නයක් පැන නගී.
තුර්කිය නැටෝවේ සාමාජිකයෙකි. එය සතු ලෝකයේ සිවුවැනි විශාලතම හමුදාව ගොඩනංවා ඇත්තේ ඇමරිකාවේ ආධාරයෙනි. තුර්කියේ ඇමරිකාවේ යුද කඳවුරු තිබේ. ඉරාක යුද්ධය සමයේදී තමන්ගේ සහයට කුර්දි හමුදාවක් ගොඩනැංවීමට ඇමරිකාව කටයුතු කළේය. සිරියාවේ අසාද් රෙජිමය බලයෙන් පහකිරීමට කළ සටනේදී මොවුහු ඇමරිකාවට ආධාර කළහ. තුර්කි සහ ඉරාක භූමි අතර කුර්දිස්ථානය නමින් ස්වාධීන රටක් බිහිකිරීම කුර්දින්ගේ පරමාර්ථයයි. රට බෙදී තවත් රටක් ඇතිවෙනවා දකින්නට තුර්කි ජනාධිපති එර්ඩොගාන් සූදානම් නැත.
2016 වසරේ එර්ඩොගාන් බලයෙන් පහකිරීමේඅසාර්ථක කුමන්ත්‍රණයක්සිදුවිය. එය මෙහෙයවූවෙකු යයි චෝදනා කරමින් ඇන්ඩෘ බෲසන් නමැති ඇමරිකානු පාස්ටර්වරයෙකු තුර්කියේ සිරබාරයට පත්විය. පාස්ටර් බෲසන් නිදහස් කරන්නැයි ඇමරිකාව කළ ඉල්ලීම තුර්කි ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය. එර්ඩොගාන් කියන දේ නාහන ජනාධිපතිවරයෙකු බව ඇමරිකාව පිළිගනී. ලංකාවට එරෙහිඑජා මානව හිමිකම් කොමිසම ක්‍රියාත්මක වීමට එක හේතුවක් වන්නේ, කොටිසංවිධානය සමග කළ යුද්ධය නවත්වා සාකච්ඡා මේසයට යන්නැයි බටහිර රටවලින් කළ බලපෑම, ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නොසලකා හැරිනු ලැබීමයි.එදා කියන දේ ඇසුවා නම්, මහින්ද රාජපක්ෂ යහපත් පාලකයෙකි. ප්‍රභාකරන් ඊළමේ ජනාධිපතිය.
ශ්‍රී ලංකාව පිළිබඳ කිසිම ගැටලුවක් ඇමරිකාවට හෝ බටහිර රාජ්‍යයනට දැන් නැත.ඔවුන්ගේ ගැටලු සියල්ල විසඳී තිබේ.ලෝකයම අප සමගයි කියමින් පාලකයනට ප්‍රීතිවීමට පුළුවන.
ඬේවිඞ් ඇන්තනී