ඇමති හරීන්ගේන් ටිකිරිට ට්විටර් පණිවිඩයක්
19 August 2019
ඇමති හරීන්ගේන් ටිකිරිට ට්විටර් පණිවිඩයක්
19 August 2019
විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුම හරහා සිදුකළ ප්‍රකාශයක් මේ වන විට සමාජ ජාලා හරහා බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත.
ඒ මෙවර මහනුවර දළඳා පෙරහරේ ගමන් කළ ටිකිරි ඇතින්න සම්බන්ධයෙන් අමාත්‍යවරයා තම ටිව්ටර් ගිණුමේ පණිවිඩය සඳහන් කර ඇත්තේ ‘‘පිංබර ටිකිරි, මෙතුවක් කල් උතුම් දළඳා පෙරහැර වර්ණවත් කලාට ඔබට පිං, විශ්‍රාමික ඔබෙන් හිස්වූ ඒ හිඩැස නුදුරේදී තරුණ ඇතෙකු සපුරනු ඇත ... ඒ දෙස බලා ඔබ සතුටු කඳුලු හෙලනා බව විශ්වාසය ‘‘ යනුවෙන්ය.
අමාත්‍යවරයා මෙහි ටිකිරි ඇතින්න උපමාවට ගනිමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කළ ප්‍රකාශයක් බවට ඔහු නිකුත්කල ට්විටර් පණිවුඩය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කරයි.
https://twitter.com/fernandoharin/status/1163144993088909313