Update - බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 66ක් අත්සන් තබයි
16 May 2019
Update - බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 66ක් අත්සන් තබයි
16 May 2019
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායකවරයාට භාර දුන් බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළ අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනෙකු අත්සන් තබා ඇති බවට වාර්තා වෙයි.
---------------------------------------------------------------------------------------------------------------

ඇමති රිෂාඩ් බද්යුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකට
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායකවරයාට භාර දෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ මේ වන විට ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනකු අත්සන් තබා ඇති බවයි. මේ අතර අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව පිළිබඳව අද (16) රැස්වී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි.


