News

Update:ඇඟලුම් ආයතනයේ තවත් 13කට කොරෝනා

Update:

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් 13 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි අද(05) පස්වරුවේ තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි.

එම නියැදියෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 101 කි.

——————————————————————————

ඇඟලුම් ආයතනයේ තවත් 10කට කොරෝනා

 

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් 10 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි අද(05) පස්වරුවේ තහවුරු වූ බව බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම නියැදියෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 90 කි.