ආහාර විකුණන රථවල මිල ප්‍රදර්ශනය අනිවාර්යයි-වැඩිමිලට වික්කොත් හිරේ
01 April 2020
ආහාර විකුණන රථවල මිල ප්‍රදර්ශනය අනිවාර්යයි-වැඩිමිලට වික්කොත් හිරේ
01 April 2020
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ එළවළු අධික මිල ගණන්වලට අලෙවි කරන ජංගම රථ සඳහා නිකුත් කර ඇති ඇඳිරිනීති බලපත්‍රය අහෝසි කිරීම සඳහා පොලිසියට නිර්දේශ ඉදිරිපත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත.
ඇතැම් ජංගම වෙළෙන්දන් අධික මිල ගණන්වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ එළවළු අලෙවි කරන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ එළවළු අලෙවි කරන මිල ගණන් ජංගම රථයේ ප්‍රදර්ශනය කිරීමද අනිවාර්ය වෙයි.
කොළඹ මැනිං වෙළෙඳපොළ සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවි කළ යුතු උපරිම මිලක් ප්‍රකාශයට පත් කර ඇත.
එම මිලට ලබාගන්නා එළවළු වෙනත් ප්‍රදේශවලට ගොස් අලෙවි කිරීමේදී කිලෝවකට රුපියල් 40කට අඩු මුදලක් එකතු කළ යුතුය.
එහෙත් එලෙස එකතු කර නැති බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මේ අතර රටේ පවතින තත්ත්වය හමුවේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන හා සඟවා තබාගන්නා වෙළෙඳුන්ට දඩ නියම කර දඩයට අමතරව මාස හයක සිර දඬුවම්ද නියම කරන බව අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසයි.
උදයජීව ඒකනායක