අතන මෙතන

ආරවුල බේරීමට ගිය කත ගැටුමට මැදිවී මරුට

තලංගම තලාහේන ප්‍රදේශයේ කාන්තාවක් පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා මියගොස් ඇත.

දෙපිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් සමථයකට පත් කිරීමට එම ස්ථානයට ගිය ඇය මෙලෙස පහරකෑමට ලක්ව ඇත. බරපතළ තුවාල ලැබූ අදාළ කාන්තාව කොස්වත්ත රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 60 හැවිරිදි තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව පොලීසිය සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද පොලිස් ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරනවා.