ආරක්ෂාව උපරීම අයුරින් තහවුරුයි - අනියත බියකින් තොරව දරුවන් පාසැල් වෙත යවන්න
20 May 2019
ආරක්ෂාව උපරීම අයුරින් තහවුරුයි - අනියත බියකින් තොරව දරුවන් පාසැල් වෙත යවන්න
20 May 2019
පාසල්වල ආරක්ෂාව උපරීම අයුරින් තහවුරු කර ඇති බැවින් අනියත බියකින් තොරව හෙට සිට දරුවන් පාසැල් වෙත යැවීමට කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියි.
අද(20) පෙරවරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළ අතර පසුගිය පාස්කු ඉරු දින ලංකාවේ ඇති වු ත්‍රස්ථප්‍රහාරයත් සමඟ ඇති වු බිය හේතුවෙන් ජන ජීවිතය අඩාල වු බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම රටේ සංවර්ධනයට හා ආර්ථිකයට ඍජු දායකත්වයක් ලබා දෙන ආයතනවල සේවක සේවිකාවන් සේවයට වාර්තා කිරීම හා සෙසු කාර්යයන් අඬාල වු බවත් පැවසු හමුදාපතිවරයා මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව දැඩි කැපවීමෙන් කටයුතු කළ බවද සඳහන් කළේය.