Uncategorized

ආයුබෝ පිරි ඇඳුම්වලට ‘සන්ලයිට් කෙයා නැචුරල්ස්’ හඳුන්වා දෙයි

වසර 135 ක කාලයක් තිස්සේ දිගුකල් පවතින ඇඳුමක විශ්වසනීය උරුමය තහවුරු කළ සන්ලයිට් එහි නවතම නිෂ්පාදන පෙළ වන ‘සන්ලයිට් කෙයා නැචුරල්ස් ’පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. පොල් වතුර සහ කොහොඹ සාරය සමග ලැවෙන්ඩර් සුවඳින් මුසු වූ ස්වාභාවික සාරයන්ගෙන් අනූන නවතම රෙදි සේදුම් නිෂ්පාදන පෙළක් ඒ අනුව ඔබ වෙත තිළිණ කරනු ඇත. ‘සන්ලයිට් කෙයා නැචුරලස්’ සුපිරිසුදු ඇඳුමක් මෙන්ම ඊට සුමුදු බවක් ද, දීප්තිමත් පෙනුමක් ද, දිගු කාලීන පැවැත්මක් ද හිමි කර දෙනු ඇත.

රෙදි සෝදනු ලබන වාරයක් වාරයක් පාසා ඇඳුමට හානි වන අතර ඊට අඳුරු සහ පැරණි පෙනුමක්ද එක් කරයි. ඊට විසඳුමක් ගෙන එන ‘සන්ලයිට් කෙයා නැචුරල්ස් ’නිෂ්පාදන පෙළ වෙළෙඳපොළට පැමිණෙන්නේ පොල් වතුර සහ කොහොඹ සාරය සමග ලැවැන්ඩර් සුවඳින් මුසුවෙමිනි. පොල්වතුර සාම්ප්‍රදායික කන්ඩිෂනර් ගුණයන්ගෙන් යුතු ශාක සාරයක් වන අතර කොහොඹ භාවිත කරනු ලබන්නේ සාම්ප්‍රදායික විෂබීජ නාශකයක් ලෙසයි. ‘සන්ලයිට් කෙයා නැචුරල්ස්’හි අඩංගු මෙම සුවිශේෂී ස්වාභාවික සාරයන් සමග ඇඳුමේ තන්තුවල ගැඹුරටම ගමන් කොට එය සියුම්ව පිරිසුදු කරමින් ඇඳුම්වල දිගුකල් පවතින පෙනුමක් රැක දෙනුයේ ලැවෙන්ඩර් සුවඳින් සුවඳවත්ව සිතට සහනයක්ද එක් කර දෙමිනි.