News

ආයතන පහළොවක දූෂණ තොරතුරු ජනාධිපති අතේ කොමිසම වාර්තා භාර දෙයි

යහපාලන ආණ්ඩුවේ සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාවේ අවසන් වෙළුමේ 1 වැනි කාණ්ඩය යටතේ වංචා දූෂණ පරීක්ෂණ අවසන් කළ ආයතන 15 ක තොරතුරු වාර්තා ජනාධිපතිවරයාට භාර දී ඇත.

කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි එක්දහස් තුන්සිය හතළිස් හයක් (1346) මූලික විමර්ශන සඳහා පැමිණිලි 136 ක් එහි පොලිස් ඒකකයට ලබා දීමෙන් පසු ඉන් 40 ක සාක්ෂි විමසීමට කොමිසමට භාර දී ඇත. එම 40 න් සාක්ෂි විමසා අවසන් කළ 15 ක වාර්තාවක් මෙසේ ජනාධිපතිවරයාට භාර දී තිබේ. ඊට අමතරව සෙසු විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද එහි දක්වා ඇති බව වාර්තා වේ.

චමින්ද සේනාරත්න