brand logo
logo

ආමර් වීදිය පොලිස් නිලධාරියෙකුගේ ගෙදර කොවිඩ් ආසාදිතයින් දෙදෙ‌නෙක්

18 October 2020

ආමර් වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 12දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් අප කොට‌හේන පොලීසියෙන් සිදුකළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ අදාළ පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙ‌නෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. මේ හේතුවෙන් ආමර්වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 12දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. එම පොලිස් නිලධාරිවරයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බව කොටහේන පොලිස් ස්ථානයේ ප්‍රකාශකයෙකු අප වෙත පැවසීය.
 

More News..