ආනන්දසංගරී ට කොවිඩ්
යාපනයේ එක්සත් විමුක්ති පෙරමුණ කාර්යාලය හුදකලා කරයි
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී. ආනන්දසංගර මහතාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ.
ඊයේ (16) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ඒ මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇත.
ඒ මහතා මේ වන විට යාපනය ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වේ.
ආනන්දසංගරී මහතාගේ ඥාතීන්ට ද කොවිඩ් ආසාදනය වී ඇති බව මේ වන විට හදුනාගෙන තිබේ.
මේ අතර යාපනය ප්‍රදේශයේ පිහිටි එක්සත් විමුක්ති පෙරමුණේ කාර්යාලය ද හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.