අතන මෙතන

සේනා කන්නේ කෘෂි භෝග ආණ්ඩුව කන්නේ රට – ප්‍රසන්න

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගේ නිවසේ පසුගිය 19 වනදා පැවති පොහොට්ටුවේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලයේදී සේනා දළඹුවා මතු වී ආවේය.

පවිත්‍රාගේ ප්‍රධානත්වයෙන් පැවතී රැස්වීමට සුදර්ශනී, ඉන්දික දුලීප්, ඇතුළු පිරිසක් සහභාගි වූහ. රටම ගොදුරු වී සිටින සේනා දළඹුවා පිළිබඳව පිරිස කතාවට වැටුණේය.‘ආණ්ඩුවට මේ සේනා දළඹු උවදුරේ හානිය ගැන කිසිම ගාණක් නැහැ. තවම මේ ව්‍යසනයෙන් රට බේරගන්න ක්‍රමවේදයක් කරන්න බැරි වෙලා“ පවිත්‍රා කතාවට බැස්සේය. එදා වේල ටුවර්ස් වගේ මේ ආණ්ඩුව කොහොම හරි දවස ගෙවා ගන්න මොකක් හරි ෂේප්මන්ට් එකක් දුන්නා විතරයි දන්නේ. කිසිම සැලසුමක් තවම මෙයාලට නැහැ“ ප්‍රසන්න කීවේය.

යු.එන්පි.යේ කෘෂිකර්මාන්තේ ගැන කවර කතාද? රටේම කෘෂිකර්න්තමාන්තය නැතිවෙලා ගියත්. එයාලට ඕන මොනවා හරි පිටරටින් ගෙන්නලා කුට්ටියක් යටිමඩි ගහ ගන්න. රනිල් එදා පටන්ම කිව්වේ මේ කුඹුරු ටික ගොඩ කරන්න ඕන කියලා.“ඉන්දික පැවසීය. ”ඒක ඇත්ත. පහුගිය අවුරුදු තුන ඇතුළත මේ රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. තව අවුරුද්දක් මේ ආණ්ඩුව තිබ්බොත් මිනිස්සුන්ට කන්න වෙන්නේ වහ” ඩුලීප් කීවේය.

”මට නම් පේන විදියට ආණ්ඩුවයි සේනා දළඹුවයි අතර කිසිම වෙනසක් නැහැ. සේනා දළඹුවා එක පැත්තකින් ආණ්ඩුවට වඩා හොඳයි” ප්‍රසන්න පැවසීය.

”ඒ මොකද? ඉන්දික ඇසීය. ”නැහැ ඉතින් සේනා දළඹුවා කන්නේ කෘෂි භෝගනේ. මේ ආණ්ඩුව රටම කනවනේ” ප්‍රසන්න පැවසීය.

”ඒක නම් සහතික ඇත්ත. ආණ්ඩුව දැන් අවුරුදු තුනක් තිස්සේ රටෙන් තුනෙක් දෙකකටත් වඩා කාලා ඉවරයි. ඉතුරු ටිකත් මේ අවුරුද්දෙ කයි” පවිත්‍රා පැවසුවාය.