ආණ්ඩුව ගැන ජනතාවට කල කිරිලා
06 July 2020
ආණ්ඩුව ගැන ජනතාවට කල කිරිලා
06 July 2020
මේ ආණ්ඩුව කෙරෙහි මිනිස්සු සම්පූර්ණයෙන්ම කලකිරිල ඉන්නේ.
රාජ්‍ය සේවකයෝ වගේම ගම් මට්ටමින් ආණ්ඩුවේ දේශපාලන කටයුතු හා සම්බන්ධ අයත් කලකිරිල ඉන්නේ.ඒත් මහින්ද රාජපක්ෂ මහත්තයා කල්පනා කරනවා රුපියල් පන්දාහේ දෙකක් දීපු නිසා මිනිස්සු ජන්දෙ දෙයි කියලා.ඉතින් මේ රුපියල් පන්දාහකට මිනිස්සු ජන්දෙ දෙයිදැයි සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පසුගියදා බේරුවලදී පැවසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
රුපියල් පන්දාහට වැඩිය දේවල් 2015 දී මහින්ද මහත්තයයි අපේ කට්ටියයි මේ අත් දෙකෙන්ම දුන්නා.සාරි දුන්නා.අතේ බඳින ඔරලෝසු දුන්නා.බිත්තිවල ගහන ඔරලෝසු දුන්නා.සිමෙන්ති දුන්නා.වියළි සලාක දුන්නා.අපි සිල් රෙදිත් දුන්නා.හැබැයි අපේ පාක්ෂිකයින්ට විතරයි දුන්නේ.එදා ඔය ඔක්කොම දීලත් අන්තිමට ජන්දෙ ගණන් කරනකොට පරාදයි.ඉතින් මොනවා දීලවත් දිනන්න බැරි මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ රුපියල් පන්දාහක් දීලා දිනන්න පුළුවන් ද?.මේ රුපියල් පන්දාහ නිසා අද කී දෙනෙක් ආණ්ඩුව එක්ක තරහාවෙලා ඉන්නවද?.ඒ නිසා මේ ආණ්ඩුවට විරුද්ධව බොහොම නිහඬ බිම් මට්ටමේ බලවේගයක් බිහිවෙලා තිබෙනවා.
ඉතින් මේක අපිට ඉතාම හොඳ අවස්ථාවක්.මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ලබාගත යුතුයි.අපි හොඳ ජන්ද ප්‍රචාරණයක් ගෙනගියොත් සමගි ජනබලවේගය,දුරකථනය ජයග්‍රහණය කරවන්න පුළුවන්.
රාජපක්ෂලාටයි විශ්‍රාමික හමුදා නිලධාරීන්ටයි බයවෙලා අපිට ගෙවල් අස්සට වෙලා ඉන්න බැහැ.අපි ඒ අයට බය නැතුව හිතට එකඟව තීරණ ගත යුතුයි.මම හිටපු තැනින් එළියට බැස්සේ ඕනෑම දේකට මුහුණ දෙන්න බලාගෙන.හැබැයි රාජපක්ෂ මහත්තයාගේ නොම්බරෙත් මම දන්නවා,මගේ නොම්බරෙත් රාජපක්ෂ මහත්තයා දන්නවා.අපි දෙන්නට දෙන්නා දන්නවා අපි දෙන්නගේ නොම්බර දෙක.රාජපක්ෂලාට විරුද්ධ වුණාම මොකද වෙන්නේ කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ.එක්කෙනෙක්ව ගෙනිහින් මුහුද මැද්දට දැම්මා.තව කෙනෙක්ව පාර්ක් රෝඩ් එකේ පැයට කිලෝමීටර් එකසිය පනහට යැව්වා.පාර්ක් රෝඩ් එකේ එකසිය පනහක වේගයෙන් යන්න පුළුවන් ද?.තව එක්කෙනෙක්ව පත්තරේ පලකරන ප්‍රවෘත්ති වගයක් අරගෙන යනකොට වෙඩි තියලා මැරුවා.දැන් ඔය ඊයේ පෙරේදා දවසකත් නිදහස් චතුරඝ්‍රයේදී මහත්මයෙක් මැරුණා.ඒ මහත්මයා මැරිලා තියෙන්නේ කටට වෙඩි තියාගෙනලු.කටට වෙඩි තියාගෙන මැරෙණකොට වටේ තිබුණ කැමරා ඔක්කොම ඕෆ් වෙලා.
අපේ මහා නායක හාමුදුරුවරු එහෙම හිතාගෙන හිටියේ මේ ගෝඨාභය මහත්තයා කියන්නේ සක්‍රදේවේන්ද්‍රයා වගේ විශ්මකර්ම කරන්න පුළුවන් කෙනෙක් කියලා.මම මහා නායක හාමුදුරුවන් පස්නමකගෙන් බැණුම් ඇහුවා,ගෝඨාභය මහත්තයට එක එක ඒවා කිව්වා කියලා.එයාට හිට්ලර් කියන්න එපාලු.ඉතින් මම කිව්වා හිට්ලර්ට හිට්ලර් නොකියා වෙන මොනවා කියන්නද කියලා.
ඉදිරි අනාගතයේදී රට භාරගන්න ඉන්න දරුවන්ට අපි හරි රටක් හදලා දීම අවශ්‍යයි.මට බලය අවශ්‍ය නැහැ.සිරිසේන මහත්තයාගේ ආණ්ඩුවෙත් මම ඇමතිකම් ගත්තේ නැහැ.මට ගන්නත් බැහැ.මොකද ඒ මනුස්සයාට වැඩකරන්නේ නැතුව මට පුළුවන්ද රෙද්දක් ඇඳගෙන ගිහින් ඇමතිකම් ගන්න.දින පනස් එකේ ආණ්ඩුවෙත් මට ගන්න කිව්වා ඇමතිකමක්.මම කිව්වා එපා කියලා.ඒ හැමදේකටම පයින් ගහලයි මම ආවේ.බලයට කෑදරකමක් මම එහෙම කළේ.