brand logo

අසමසම වූ උත්සවාකාර අත්දැකීමකට Citrus Waskaduwa සහ Citrus Hikkaduwa

22 October 2019

ශ්‍රී ලාංකීය සංචාරක සේවා සැපයුම් ක්‍ෂේත්‍රයේ දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ඉමහත් කීර්තියක් හිමිකරගත් Citrus Waskaduwa සහ Citrus Hikkaduwa, ඉහළ ආගන්තුක සත්කාර සමගින්, මංගල උත්සව ඇතුළු සියලුම උත්සව අවස්ථාවන් සඳහා ආකර්ෂණීය සේවා පහසුකම් රැසක් ලබාදීමට ඉදිරිපත්ව සිටී. කොළඹ නගරයේ සිට මිනිත්තු 40කට අඩු කාලයකින් ළඟාවිය හැකි දුරින් පිහිටා ඇති Citrus Waskaduwa, දේශීය මෙන්ම විදේශීය සංස්කෘතිවලට අයත් විවාහ මංගල උත්සව අවස්ථා සඳහා සුවිශේෂීත්වයක් හිමිකරගත් ස්ථානයකි. එකිනෙකට වෙනස් සුන්දර පරිසරයන්ගෙන් යුතු මෙම හෝටල් පරිශ්‍රය, එක් ස්ථානයක් තුළ විවිධ වූ අත්දැකීම් රැසක් ලබාගැනීමේ හැකියාවකින් යුතුය. මෙහි ප්‍රධාන උත්සව ශාලාව Mandarin Shore වන අතර, එහි එකවර 600 ක් පමණ ආරාධිතයන් පිරිසකට අසුන් ගැනීමට හැකියාව ඇත. එලෙසම Blue Orchard ශාලාවෙහි 150 ක ආරාධිත පිරිසකට ආසන පහසුකම් සැපයිය හැකි අතර, අලංකාර උද්‍යානයට යාබදව පිහිටා ඇති 120 දෙනෙකු පමණ සඳහා එකවර අසුන් පැනවීමේ හැකියාවෙන් යුතු Sky lime උත්සව ශාලාවද සමගින් උත්සව ශාලා ත්‍රිත්වයකින් Citrus Waskaduwa සමන්විත වේ. මෙහි මීටර 400ක් පුරා විහිදුණු හරිත වර්ණ උද්‍යානයකින් සහ එම ප්‍රමාණයෙන්ම යුතු සුන්දර වෙරළ තීරයක්ද පිහිටා ඇති බැවින්, විවාහ මංගල උත්සව ඇතුළු සියලුම උත්සව සඳහා ඉතාමත් ආකර්ෂණීය ස්ථානයකි.
 

More News..