අවුරුදු සමයේදී පොල් මිල අඩු වෙයි
02 March 2021
අවුරුදු සමයේදී පොල් මිල අඩු වෙයි
02 March 2021
ලබන අප්‍රේල් මාසය වන විටදී පොල් මිල අඩුවන බවට පොල් පර්‌යේෂණායතනය විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවාවිතාන කීවේය.
මේ දිනවල පොල් ගෙඩියක මිල රුපියල් 100 ක් 120 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මාර්තු මාසයේදී පොල් පලදාව වැඩි බවත්, ඒ නිසා අලුත් අවුරුදු සමයේදී පොල් මිල අඩුවනු ඇතැයිද ලේකම්වරයා කීවේය.
මෙරට වාර්ෂික ගෘහස්ථ පොල් පාරිභෝජනය පොල් ගෙඩි මිලියන 1000 ත් 1200 ත් අතර ප්‍රමාණයකි.
පොල් තෙල් ඇතුළු කර්මාන්ත අවශ්‍යතා සඳහා වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 1800 ක් පමණ අවශ්‍ය වන අතර, නමුත් ප්‍රමාණවත් පරිදි පොල් නොතිබීම නිසා පොල් තෙල් නිෂ්පාදනයට වියළි පොල් මද පිටරටින් ආනයනය කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇතැයිද ලේකම්වරයා සඳහන් කළේය.
සාලිය කුමාර ගුණසේකර