අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි
30 October 2020
අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි
30 October 2020
රට වසා දැමීමේ අවදානමෙන් වැළැකීමට නම් අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
අවදානම් කලාපවල සංචරණ සීමා සියයට අසූවකින් වත් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු සදහන් කරයි.
පී.සී.ආර්. සාම්පල 20,000ක් පමණ ශීතාගාරවල සිරවී තිබීම සහ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාදවීමෙන් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි.
එමෙන්ම අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් රටම දැඩි අවධානමක පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
https://youtu.be/CC4fgZeBS3o?t=131