අතන මෙතන

අරක්කු බෝතල් 52 ක් හොරෙන් ගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව රජයේ අරක්කු බෝතල් 52 ක් ත්‍රීවීල් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (26 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසරත්න බණ්ඩාර මහතා පැවසීය.

මස්කෙළිය නගරයේ ප්‍රධාන වීදියේදී මෙම අරක්කු තොගය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඇඳිරි නීතිය ඊයේ (26 වැනිදා) පෙරවරුවේ ඉවත් කිරීමත් සමග මස්කෙළිය ප්‍රදේශයේ වතුකරය වෙත මෙම මත්වතුර බෝතල් තොගය ප්‍රවාහනය කරමින් තිබියදී මස්කෙළිය පොලිසියේ, විශේෂ බුද්ධි කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරුවන් සමග මත් වතුර තොගය ඊයේ (26 වැනිදා) හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ වීමට නියමිතව තිබිණි.

 

විජිත බණ්ඩාර