brand logo

අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යෝජනාවක්

07 May 2021

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මෙරට ක්‍රිකට් බලධාරින් කැමැත්ත පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන පරිදි අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත් විය හැකි බවයි. මේ අතර එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි පවසා ඇත්තේ අයි.පී.එල්. තරගාවලිය සම්පූර්ණ කිරීම සඳහා අනෙකුත් පාලක මණ්ඩල සමග සාකච්ඡා කරන බවයි. ඉන්දියාවේ කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරමග නතර කර දැමීමට තරග සංවිධායකයින්ට සිදුවිය. තරගාවලිය අවලංගු කළහොත් ඉන්දීය රුපියල් කෝටි 2500ක් පමණ අහිමිවන බැවින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස පැවැත්වීම තම අපේක්ෂාව බව ගංගුලි පැවසීය.
 

More News..