brand logo
logo

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

12 March 2019

පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර (2019) අයවැය දෙවන වර කියවීමේ විවාදය 06වනදා සිට දින 06 ක් පැවති අතර අද පස්වරුවේ දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණි. එම ජන්ද විමසීම පාර්ලිමේන්තුවේදී විද්‍යුත් ක්‍රමයට පැවැත්වුණු අතර අයවැයට පක්ෂව ජන්ද 119ක් ද විපක්ෂව ජන්ද 76ක්ද ලැබී ඇත. ඒ අනුව අයවැය දෙවනවර කියවීමට ජන්දය වැඩි ජන්ද 43කින් සම්මත වෙයි.
අයවැය තෙවන වර කියවීමේ  විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය හෙට සිට අප්‍රේල් මස 05 වන දින දක්වා පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකරයි.
 
 

More News..