News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රනිල්ගේ නිවසට යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට ගොස් තිබේ.

ඒ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමටය.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගිය ජුනි 18 වන දා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණි.

එසේම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ, එස්.පාස්කරලිංගම් සහ හිටපු බැංකු නිලධාරියෙකුගෙන් ද මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශ කර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණි.