brand logo

අනවසර කැණීම් ස්ථානයක් වටලයි

15 January 2022

පුුපුරණ ද්‍රව්‍ය තොගයක්ද හමුවෙයි  බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කර කළුගල් කැණීම් කරන ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී අනවසර පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද සොයාගැණුනා. සැකකරුවන් අනුරාධපුර පොලිස් වසමේ අංක 260, මණ්ඩාගල, ශ්‍රාවස්තිපුර යන ලිපිනයේ පිහිටි කළුගල් කැණීමේ ස්ථානයේදී සොයාගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 53ක් සහ 34ක් වන අනුරාධපුර සහ ශ්‍රාවස්තිපුර ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.    
 

More News..