brand logo

අද සිට ලබන 17 දක්වා වසා දැමේ

08 January 2019

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා අද සිට 17 වැනි දින දක්වා පාසල් 4 ක් වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා යන පාසල් අද සිට වසා තැබෙනවා. ඇගයීම් මධ්‍යස්ථාන සඳහා තවත් පාසල් 21ක් යොදා ගන්නා අතර එම පාසල්වල කොටසක් පමණක් යොදාගනිමින් ඇගයීම් කටයුතු සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර පසුගිය 23 වැනිදා සිට 31 වැනිදා දක්වා සිදු කෙරුණා.
 

More News..