පලා පල

අද ලග්න 7කට සුබයි

2021 සැප්තැම්බර් මස 16 වැනි බ්‍රහස්පතින්දා

රාහු කාලය දිවා 01.36 සිට 03.08 දක්වා රාත්‍රී 01.34 සිට 03.03 දක්වා

ශුභ දිසාව- නැගෙනහිර, මරු සිටින දිසාව- දකුණ

මේෂ

අසරණයන්ට පිහිට වේ

අහංකාර ගති ඇති කරයි. නොකළ වැරදිවලට චෝදනා ලබයි. ස්ත්‍රීන් සම්බන්ධ වෙළෙඳාම් කටයුතුවලින් ලාභ ලැබේ. අසරණයන්ට පිහිට වීම සිතේ සතුටට හේතු වේ. අනවශ්‍ය ලෙස වියදම් කිරීමෙන් වළකින්න. ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලබාගත හැක.

වෘෂභ

ණයට දීමෙන් වළකින්න

වියදම් පක්ෂය ඉහල යයි. එදිනෙදා කටයුතුවල යම් යම් වෙනස්කම් ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. මුදල් ණයට දීමෙන් වළකින්න. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක. පවුලේ අයකුට අසනීප තත්ත්වයක් පෙන්වයි. උස් ස්ථානවලට නැගීමෙන් වළකින්න.

මිථුන

අලුත් කටයුතු දියුණු වේ

දියුණුවට කටයුතු සැලසේ. අතහැර දමා තිබූ කටයුතු නැවත අරඹයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ උපයයි. අලංකාර දේ මිලට ගනී. සතුරන් පරාජය වේ. අලුතින් ආරම්භ කරන කටයුතු දියුණුවට පත් වේ. රැකියා කටයුතුවල උසස්වීම් හිමියි. සහෝදරයන්ට රෝගාබාධ ඇති කරයි. දූ දරුවන්ට යහපත්ය.

කටක

හදිසි තීරණ අයහපත්

වියදමට සරිලන ආදායම් ලැබේ. උසස් පුද්ගලයන් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලබා ගත හැක. සිත් කම්පා කරවන සිදුවීම් යෙදේ. ගොවිතැන් කටයුතුවලට සතුන්ගෙන් කරදර සිදු වේ. හදිසි තීරණ ගැනීමෙන් වළකින්න. ඌෂ්ණාධික රෝග ඇති වේ.

සිංහ

නිවසින් පිට වාසය කරයි

ආදායම් තත්ත්වය එතරම් ශුභදායක නොවේ. නිවසින් පිට වාසය කිරීමට සිතයි. රැකියා ස්ථානයේ ගැටලුවලට ඉඩකඩ පවතී. ලාභ බලාපොරොත්තුවෙන් කරන කටයුතුවලින් පාඩු ලබයි. අධ්‍යාපන කටයුතු සඳහා ඇති උනන්දුව අඩු වේ. සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමක් පෙන්වයි.

කන්‍යා

අන්‍ය මත ඉවසන්න

අන්‍යයන්ගේ මතයට ගරු නොකිරීමෙන් ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වේ. ඥාති මිත්‍රාදීන් සමග විරසකතා මතු වේ. මුදල් කටයුතුවල දී ප්‍රවේසම් විය යුතුයි. ගෙදරදොර අලුත්වැඩියා කටයුතුවල යෙදේ. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ. සෞඛ්‍යය ගැන කල්පනාකාරී විය යුතුයි.

තුලා

විවාහ යෝජනා මල්පල ගැන්වේ

ආදායම් තත්ත්වය යහපත්. රැකියා ස්ථානයේ උසස්වීම් ලබයි. පදිංචි ස්ථානයේ වෙනස්කම් සිදු වේ. උසස් අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලබයි. ඥාති මිත්‍රාදීන් සමග විරසකතා මතු කරයි. විවාහ යෝජනාවලට දෙමාපිය ආශිර්වාදය හිමි වේ. අසරණයන්ට පිහිට වීමෙන් සිතේ සතුට ඇතිකර ගනී.

වෘශ්චික

ඥාතීන් සමග අමනාපකම්

තීන්දු තීරණ ගැනීමේ දී සැලකිලිමත් විය යුතුයි. පවුල් ජීවිතයේ මත ගැටුම්වලට ඉඩ පවතී. සතුරු කරදර ඇති වේ. රැකියා සඳාහ ඉල්ලුම් කිරීමට ශුභයි. අධ්‍යාපන කටයුතුවලට උනන්දුව තිබිය යුතුයි. වෙළෙඳ ව්‍යාපාරවලින් පාඩු සිදු වේ. ඥාති මිත්‍රාදීන් සමග හිත් අමනාපකම් ඇතිවිය හැක.

ධනු

දේපළ උරුමයක්

මුදල් ලැබීම අතින් ශුභදායකයි. ගෞරව සැලකිලි ලැබේ. වෙළෙඳ කටයුතුවල නිරත අයගේ දියුණුවක් ඇති වේ. අලංකාරයට ප්‍රසිද්ධියට කටයුතු කරයි. පරම්පරාගත දේපළ උරුමයි. අලුත් උසස් මිත්‍රයන් ආශ්‍රයට පත් වේ. අවිවාහකයන්ට මංගල යෝජනා ඉදිරිපත් වේ. සමාජීය වැඩවලට යොමු වේ.

මකර

සතුරු කරදර අඩුවේ

වියදම් පක්ෂය ඉහල යයි. රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ ප්‍රසාදයට ලක් වේ. සතුරු කරදර නිමාවට පත් වේ. අධ්‍යාපන කටයුතුවලට ශුභදායකයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ උපයා ගනී. ලැබීමට ඇති ණය මුදලක් හිමි වේ. පොළොව සම්බන්ධ කටයුතුවලින් වාසි ලැබේ.

කුම්භ

විවාහ පැතුම් ඉටුවේ

වාසනාවන්ත දිනයකි. හදිසි ධන ලාභවලට ඉඩ පවතී. ලොතරැයි දිනුම් උරගා බැලීමට සුදුසුයි. අන්‍යයන්ගේ උදව් උපකාර හිමි වේ. වෙළෙඳ ව්‍යාපාර දියුණුවට පත්වේ. විවාහ වන වයසේ පසුවන්නන්ගේ පැතුම් මල්පල ගැන්වේ. විභාග කටයුතුවලින් ජයග්‍රහණ ලබයි. සෞඛ්‍ය තත්ත්වය යහපත්.

මීන


අනවශ්‍ය ගනුදෙනුවලින් වළකින්න

රැකියා කටයුතුවල කාර්යක්ෂම ලෙස නියැළේ. දරුවන් සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. වෙළෙඳ කටයුතු යම් තරමකට දියුණුවක් ලබයි. අනවශ්‍ය අය සමග ගනුදෙනු කිරීමෙන් වළකින්න. සෞඛ්‍යය ගැන අවධානය යොමු කළ යුතුයි.