පලා පල

අද ලග්න 7කට සුබයි

2021 සැප්තැම්බර් මස 20 වැනි සඳුදා

රාහු කාලය දිවා 07.31 සිට 09.02 දක්වා රාත්‍රී 07.37 සිට 09.07 දක්වා

ශුභ දිසාව- බස්නාහිර, මරු සිටින දිසාව- වයඹ

මේෂ

ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන

දියුණුවට මග පෑදේ. නොයෙක් ආකාරයේ ලාභ ලැබේ. ලොතරැයි වාසනාව උරගා බැලීමට සුදුසු දිනයකි. ඥාති මිත්‍රයන් සමග ඇසුරු කිරීමට අවස්ථාව ලැබේ. ගොවිතැන් කටයුතු සරු වේ. ව්‍යාපාර කටයුතුවල නිරත අයට ලාභ ප්‍රයෝජන වැඩි වේ. සමාජ සේවා කටයුතුවලට සිත යොදවයි. සමාජයේ ගෞරවය ලැබේ.

වෘෂභ

ප්‍රේම සබඳතා ඇතිවේ

මුදල් ලාභ ලැබෙන දිනයකි. ඥාති මිත්‍රාදීන් තමා ගැන සතුටු වන ආකාරයේ සිද්ධීන් යෙදේ. කරගෙන යන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතුවලින් දියුණුවක් ලබයි. රැකියා කටයුතුවලට උත්සාහ කිරීමට සිදු වේ. පවුලේ වැඩිහිටියන් සමග වැඩිපුර ආශ්‍රය කරයි. තරුණ තරුණියන් අතර ආදර සම්බන්ධතා ඇති වේ.

මිථුන

කීර්ති නාමයට හානි

මුදල් සම්බන්ධ අගහිඟකම් ඇති වේ. නඩුහබවලට පැටලී ඇත්නම් ප්‍රති පාර්ශ්වයන්ගේ තර්ජන එල්ල වේ. තමාගේ කීර්ති නාමයට හානි පැමිණේ. කුඩා දරුවන්ගෙන් කරදර ඇති වේ. අනුන්ගේ තැන්වල වාසය කිරීමට හේතු යෙදේ. ඇඳුම් පැළඳුම්වලට හානි පැමිණේ. දුරබැහැර ගමන් යයි. ඉවසිලිවන්ත විය යුතුයි.

කටක

අධ්‍යාපන කටයුතුවලට බාධා

නිෂ්ඵල ගමන් හේතුවෙන් අධික ලෙස මුදල් වියදම් වේ. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරතා මෙන්ම සිත අධෛර්යවීම් ද ඇති වේ. සිතේ සැක සංකා ඇති කරයි. කෑමබීම ගැනීම අතපසු විය හැක. අධ්‍යාපන කටයුතුවල නිරත අයට බාධාකාරී වටපිටාවන් ඇති වේ. දණහිසෙන් පහල රෝග හෝ තුනටිය කැක්කුම් ඇති වේ.

සිංහ

ස්ත්‍රීන්ගෙන් වැඩි සැලකිලි

මිල මුදල් ලැබීම අතින් ශුභදායකයි. ප්‍රණීත ආහාරපාන භූක්ති විඳීමට ලැබේ. මිතුරන් සමග විනෝද වීමේ අවස්ථා උදා වේ. සැප පහසුව ඇති බඩු භාණ්ඩ පරිහරණය කරයි. සමාජගේ ගරු සැලකිලිවලට පාත්‍ර විය හැක. වාද විවාදවලට යොමු වේ. ස්ත්‍රී පක්ෂයේ වැඩි සැලකිල්ලක් යොමු වේ.

කන්‍යා

පවුල් සමගිය ඇතිවේ

බලාපොරොත්තු ඉටු වන දිනයකි. සුළු වශයෙන් හෝ ලාභ ප්‍රයෝජන අත්පත් වේ. පවුලේ සතුට සමගිය වර්ධනය වේ. සතුරු කරදරවලින් සිතට නිදහසක් දැනේ. නොයෙක් දේ ලැබෙන්නට පුළුවන. මහන්සි වී යම්කිසි වැඩක් කිරීමට සිදු වේ. අසනීපයෙන් පසුවන අයකු බැලීමට යාමට සිදුවිය හැක.

තුලා

සිතේ සතුටට බාධා

අධික ලෙස මුදල් වියදම් වේ. ආදර සම්බන්ධතාවලට බාධා පැමිණීමෙන් සිතේ සතුට නැති වේ. බාහිර කරදර ඇති කරයි. මොනයම් හෝ හේතුවක් නිසා දඬුවම් විඳීමට සිදුවිය හැක. විනෝද ක්‍රීඩාවල නිරත වීමේ ඉඩපහසුකම් ලැබේ. එහෙත් නිසි ප්‍රයෝජන ලබා ගැනීම උගහට වේ. රක්තවාතාබාධ ඇත්නම් උත්සන්න වේ.

වෘශ්චික

කේන්තිය පාලනය කරගන්න

මිල මුදල් හානි පෙන්වයි. අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමට පෙලඹේ. සිතේ කරදරකාරී හැඟීම් ඇති වේ. අධික කෝපය හේතුවෙන් ගැටලු මතු කරයි. නොයෙක් දේ ගැන සැක පහල වේ. ඥාති මිත්‍රාදීන් සමග මත ගැටුම් ඇති කරයි. රැකියා ස්ථානයේ කටයුතු කරගෙන යාමේ දී ඉවසිලිමත් විය යුතුයි. උදරාබාධවලට ඉඩ පවතී.

ධනු

ස්ත්‍රීන් සමග අමනාපකම්

විවිධ ආයෝජනයන් සඳහා මුදල් සොයයි. එම කටයුතු සාර්ථක කර ගැනීම දුෂ්කරය. කේලාම් ඔ්පාදූප හේතුවෙන් සතුරන් ඇති වේ. ස්ත්‍රී පක්ෂය සමග අමනාපකම්වලට ඉඩ පවතී. අමුත්තන් පැමිණේ. ධෛර්යයෙන් වැඩකටයුතු සිදු කරයි. හිතවත් අයගෙන් වෙන්වීමක් සිදුවිය හැක. තමා ගැන ගුණ වැයුමක් ඇසීමට ලැබේ.

මකර

දියුණුවට අවහිරතා

මුදල් වියදම් කිරීමට කටයුතු සැලසේ. වස්තුව හානි වේ. යම් යම් දේ කැඩී බිඳී යයි. තිබුණ ගෞරවය නැති වේ. දියුණුවට ඇති මාර්ග ප්‍රමාද වේ. බිරිඳට හෝ සැමියාට ආබාධයන් වැළඳේ. අවුල් වියවුල් සහිතයි. සිතේ චංචල ගතියක් ඇති වේ. අනුන් ලවා කරගැනීමට ඇති වැඩක් තමාටම කිරීමට සිදු වේ.

කුම්භ

අමුත්තන් මුණගැසේ

සිතේ සතුට ඇති වේ. රැකියා කටයුතුවල දියුණුවක් ඇති වේ. නිවසේ අලුත්වැඩියා කටයුතු සිදු කරයි. අමුත්තන් මුණ ගැසේ. අලුත් බඩු භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා වේ. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට ඇරයුම් ලැබේ. ප්‍රීතිමත් ගමන්වල නිරත වේ. වෙනදාට වඩා විරුද්ධ ලිංගිකයන් කෙරේ ආකර්ෂණය ඇති වේ.

මීන


ඥාතීන් සමග ගනුදෙනු ප්‍රවේසමෙන්

වියදම් අධිකයි. දුරදිග නොබලා කරන කටයුත්තකින් පාඩුවක් සිදු වේ. විශේෂයෙන් ඥාතීන් සමග ගනුදෙනු කිරීමේ දී මුළාවීම්වලට හසුවිය හැක. කරගෙන යන කටයුතුවල ප්‍රමාදයක් ඇති වේ. කේළාම් ඔ්පාදූප හේතුවෙන් රැකියා ස්ථානයේ ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. සුළු තුවාල ඇති කරන අනතුරුවලට ලක්විය හැක.