brand logo

අද රාත්‍රියේ සිට අඛණ්ඩව විදුලිය ලබා දෙනවා

10 April 2019

විදුලිය විසන්ධි කිරිමකින් තොරව අද (10) රාත්‍රියේ සිට විදුලි පාරිභොගිකයන්ට විදුලිය ලබා දිමට කටයුතු කරන බව විදුලි බල සහ බල ශක්ති අමාත්‍යය රවි කරුණානායක මහතා පැවසිය. රවි කරුණානායක මහතා එ බව කියා සිටියේ මස්කෙලිය සමන් දේවාලයේ අද පැවති විශේෂ ආශිර්වාද පුජාවකට සහභාගි විමෙන්අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රවි කරුණානායක මහතා කියා සිටියේ මේ රටේ පවතින විදුලි අර්බුධයට කඩිනමින් විසදුම් ලබා දිමට මේ රජය කටයුතු කරන බවයි. එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විදුලිය විසන්ධි කිරිම සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කරන බවත්, එකාබද්ධ විපක්ෂ මගින් විදුලි අර්බුධය සම්බන්ධයෙන් සිදු කරන චෝදනා මේ රටේ ජනතාව පිලි නොගන්නා බවද අමාත්‍යය රවි කරුණානායක මහතා පැවසිය. මෙම අවස්තාවට ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමන්‍යාධිකාරි සි.ජි.එස්.ගුණසේකර මහතා ඇතුළු විදුලි ඉංජිනේරුවරුන් රැසක්ද සහභාගි විය
 

More News..