brand logo

අද රාත්‍රියේත් විදුලිය කපයිද?

14 January 2022

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක්  පවතින තත්ත්වය හමුවේ අද රාත්‍රීයේ දී විදුලිය කප්පාදු කරන්නේ ද යන්න පිළිබඳ ලංකා විදුලි බල මණ්ඩලය මේ දක්වා නිල වශයෙන් තහවුරු කර නැහැ. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දුන් ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් ගොඩබෑම මේ වන විට ආරම්භ වි ඇති බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ සඳහා පැය 10කට ආසන්න කාලයක් ගතවන බවද ඔහු පැවසුවා. අද නිවාඩු දිනයක් හේතුවෙන් විදුලි ඉල්ලුම අවම මට්ටමකට පැවතිය ද රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි කිරීම සම්බන්දයෙන් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ. මෙවන් පසුබිමක් තුළ දිනකට පැයක කාලයක් පමණක් විදුලිය විසන්ධි කරන බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළ ද ඊයේ දිනයේ දී පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි කළ බවට ජනතාව චෝදනා කරනවා.
 

More News..