අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට
කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2 අය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ සාමාන්‍ය මගී ප්‍රවාහන බස්රථවල රුපියල් 12ක් වු අවම බස් ගාස්තුව අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 14 ක් ලෙස සංශෝධනය වනු ඇති බවයි.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් අද පස්වරුවේ නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.