පලා පල

අද දවස ඔබට කොහොමද?

2021 සැප්තැම්බර් මස 29 වැනි බදාදා

රාහු කාලය දිවා 12.01 සිට 01.32 දක්වා රාත්‍රී 12.01 සිට 01.31 දක්වා

ශුභ දිසාව- බස්නාහිර, මරු සිටින දිසාව- නිරිත

මේෂ

හිතවත් අයෙක් ඈත් වේ

ආදායම වියදම සමබරයි. රැකියා ස්ථානයේ දෝෂාරෝපණ එල්ල විය හැක. තනතුරුවලින් පහත වැටීමේ අවදානමක් පවතී. ස්ත්‍රී පක්ෂයෙන් වාසි ප්‍රයෝජන අත්පත් වේ. ධෛර්යයෙන් වැඩකටයුතුවල නිරත වේ. අධ්‍යාපන කටයුතුවලට මහන්සි වීමට සිදු වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. හිතවත් අයකුගෙන් ඈත්වීමක් පෙන්වයි.

වෘෂභ

බලාපොරොත්තු කඩවේ

මිල මුදල් හානි සිදු වේ. තමාගේ වටිනා බඩු භාණ්ඩවලට හානි පැමිණේ. රැකියා ස්ථානයේ කැලඹිලිකාරී දෑ සිදු වේ. බලාපොරොත්තු කඩ වීමෙන් සිතේ කනස්සල්ලක් ඇති කරයි. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණිය හැකි බැවින් උත්සාහවන්තව ක්‍රියා කළ යුතුයි. කතාබහ පාලනය කර ගැනීම වටී.

මිථුන

නිවසේ අලුත්වැඩියා සිදු කරයි

සිත් සතුටට කරුණු සැලසේ. යහපත් දේට සිත යොමු කරයි. වෙනදාට වඩා සැප පහසුව කල් ගත කිරීමේ හැකියාව ලැබේ. ලබාගන්නා ආහාරපානවල විශේෂත්වයක් ඇති වේ. ගෙදදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. නවීන යන්ත්‍රසූත්‍ර භාවිතයට සිත යොමු වේ. ශරීරයේ සිසිල් බවක් ඇති කරයි.

කටක

රැකියාවේ ගැටලු

වියදම් පක්ෂය ඉහල යයි. දුරදිග නොබලා කරන කටයුතු හේතුවෙන් පාඩු සිදු වේ. විශේෂයෙන් ඥාතීන් සමග කටයුතු කිරීමේ දී මුළාවීම් සිදුවිය හැක. කරගෙන යන වැඩකටයුතු කල් දැමීමට සිදු වේ. කේලාම් ඕපාදූප හේතුවෙන් රැකියාවේ ගැටලු මතු කරයි. කැපුම් කෙටුම් ආදී තුවාල සිදුවිය හැක.

සිංහ

ගොවිතැන්වලින් වාසි

විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග පුළුල් කර ගනී. ණයට දුන් මුදලක් නැවත ලැබේ. ඥාති මිත්‍රයන් සමග ආශ්‍රය කිරීමට අවස්ථාව සැලසේ. ගොවිතැන් කටයුතුවල නිරත අයට වාසිදායකයි. සමාජයේ ගෞරව සැලකිල්ලට පාත්‍ර වේ. සතුරු කරදරවලින් නිදහසක් ලැබිය හැක. සෞඛ්‍යය යහපත්ය.

කන්‍යා

අන්සතු වස්තුව ලැබේ

බලාපොරොත්තු ඉෂ්ට වේ. ඥාති මිත්‍රාදීන්ගේ වැඩි සැලකිල්ලක් ලබයි. විවාහාපේක්ෂකයන්ට ගැළපෙන අයගෙන් යෝජනා ඉදිරිපත් වේ. අන්සතු වස්තුව පවා ලැබීමේ ඉඩකඩ පවතී. රැකීරක්ෂා කටයුතුවලට ඉල්ලුම් කිරීමට ශුභයි. විදෙස්ගත අධ්‍යාපන කටයුතුවලින් ද ජයග්‍රහණ ලබා ගනී. උසස් අය සමග ආශ්‍රය ඇති වේ.

තුලා

සතුරන් වැඩි වේ

ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. ණයතුරුස් වීමට පවා ඉඩ තිබේ. සිත් තැවුල්වලට හේතු යෙදේ. නඩුහබවලට පැටලීමෙන් කරදර සිදු වේ. මිතුරන් සතුරන් බවට පත් විය හැක. ගෙදරදොර අඩුපාඩු හේතුවෙන් පවුල් ජීවිතයේ ද මත ගැටුම් ඇති වේ. පවුලෙන් පිට අය සමග ආශ්‍රය වැඩි වේ. අන්‍ය ජාතිකයන් ද ඇසුරට පත් වේ.

වෘශ්චික

කම්මැලි ගති ඇති වේ

අනවශ්‍ය වියදම් යෙදේ. අවුල් වියවුල් සහිතයි. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ. රැකියා කටයුතුවල යෙදීමේ දී උදාසීනතා ඇති කරයි. එමගින් රැකියාවේ ගැටලු මතු වේ. යම්කිසි දෙයක් ගැන සිතට සැකයක් ඇති වේ. ආහාර ජීර්ණයේ අපහසුතා මෙන්ම දණහිසෙන් පහල ආබාධ තත්ත්වයන් ඇති කරයි.

ධනු

රැකියා උසස්වීම්

ආදායම් මාර්ග සරු වේ. මිතුරන් හා ආශ්‍රය වැඩි වේ. වෙනදාට වඩා සැප පහසුවක් ලැබේ. ව්‍යාපාර කටයුතුවල නිරත අයට දියුණුවක් හිමි වේ. රැකීරක්ෂා කටයුතුවල උසස්වීම් පෙන්වයි. අධ්‍යාපන ජයග්‍රහණ ලබා ගැනීමේ අවකාශ පවතී. ගෙදරදොර සාමකාමී බවක් ඇති වේ. විනෝද කටයුතුවලට යොමු වේ.

මකර

බලාපොරොත්තුවක් ඉටුවේ

ආදායම් තත්ත්වය තරමක් දුරට යහපත්ය. කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඉෂ්ට වේ. කය වෙහෙසා වැඩ කිරීමට සිදු වේ. රැකීරක්ෂා කටයුතුවල නිරත වීමේ දී කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාපන කටයුතුවලට උනන්දුව අවශ්‍යයි. ප්‍රණීත ආහරපාන භුක්ති විඳීමේ හැකියාව ලැබේ.

කුම්භ

විවාහයේ මතගැටුම්

අධික ලෙස මුදල් වියදම් වේ. ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නිරත අයගේ ලාභ අඩු වේ. අධ්‍යාපන කටයුතුවලට අවහිරතා ඇති වේ. සැමියා හා බිරිඳ අතර මත ගැටුම්වලට ඉඩ පවතී. විවාහ යෝජනා ස්ථිර වීම කල් යයි. රක්තවාත රෝග උත්සන්න විය හැක.

මීන

සිතේ භය සංකා ඇතිවේ

මුදල් පාවිච්චියේ දී කල්පනාකාරී වන්න. ඥාති මිත්‍රාදීන් සමග ආරවුල් ඇති වේ. සිතේ භය සංකා ඇති කරයි. ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතු දිනයකි. කරගෙන යන කටයුතු නිසියාකාරව ඉටුකර ගැනීමට බාධා පැමිණේ. ගෙදරදොර වටපිටාව අපිරිසිදු තත්ත්වයට පත් වේ. හිතවත් අයකුගෙන් සංග්‍රහයක් ලැබීමේ ඉඩ පවතී.