පලා පල

අද දවස ඔබට කොහොමද?

2021 සැප්තැම්බර් මස 25 වැනි සෙනසුරාදා

රාහු කාලය දිවා 09.00 සිට 10.32 දක්වා රාත්‍රී 09.04 සිට 10.33 දක්වා

ශුභ දිසාව- නැගෙනහිර, මරු සිටින දිසාව- බස්නාහිර

මේෂ

අන්සතු වස්තුව ලැබේ

කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවක් ඉටු වේ. ඥාති මිත්‍රාදීන්ගේ සැලකිල්ලට පාත්‍ර වේ. කරගෙන යන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතු ද දියුණුවට පත් වේ. අන්සතු වස්තු හිමි වේ. රැකියා බලාපොරොත්තු වන්නන්ට ශුභදායකයි. විවාහ යෝජනා සම්බන්ධ යහපත් තීරණ ලැබේ.

වෘෂභ

ජලයෙන් ප්‍රවේසම් වන්න

සිතේ කරදරකාරී හැඟීම් ඇති වේ. නොයෙක් දේ ගැන සැක සංකා පහල වේ. හදිසි කෝපය ඉස්මතු කරයි. ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. කරගෙන යන කටයුතුවලට බාධා ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි. උදරාබාධවලට ඉඩ පවතී. විශේෂයෙන් ජලයෙන් ප්‍රවේශම් විය යුතුය.

මිථුන

ගරු සැලකිලි ලැබේ

මිල මුදල් ලාභ හිමි වේ. නොයෙක් අංශවලට යොමු වීමෙන් ආදායම් මාර්ග වර්ධනය වේ. නව මිතුරු සබඳතාවලට මුල පිරේ. ගරු සැලකිලි හිමි වේ. ධාරණ ශක්තිය වර්ධනය වේ. විනෝදාත්මක කටයුතු කෙරේ සිත ඇදී යයි. වාද විවාදවලට පැටලීමෙන් ජය ලබයි. ප්‍රේම සබඳතාවලට ශුභයි.

කටක

ගොවිතැන්වලින් වාසි

දියුණුවට කටයුතු සැලසේ. නොයෙක් ආකාරයේ ලාභ ලැබේ. හදිසි ධන ලාභ උරුමයි. ලොතරැයි දිනුම්වලට ඉඩ පවතී. ගොවිතැන් කටයුතුවලින් වාසි ලැබේ. පරම්පරාගත දේපළ උරුමයන් හිමි වේ. විවාහාපේක්ෂිතයන්ගේ පැතුම් ඉටු වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. සෞඛ්‍යය යහපත්.

සිංහ

හදිසි අනතුරු

සිත් තැවුල් ඇති කරයි. වියදම් පක්ෂය පාලනය කර ගන්න. අනවශ්‍ය අය ඇසුරු කිරීමෙන් තම කීර්ති නාමය පළුදු විය හැක. විශේෂයෙන් ඥාතීන් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී විය යුතුයි. කරගෙන යන කටයුතුවලින් පාඩු සිදු වේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. හදිසි අනතුරු පෙන්වයි.

කන්‍යා

විභාග කටයුතු අසාර්ථකයි

කරදරකාරී වටපිටාවක් ඇති වේ. අන්‍යයන්ගේ වැඩ හේතුවෙන් සිතේ බය සංකා ඇති වේ. නිෂ්ඵල ගමන් හේතුවෙන් අධික වියදම් ඇති කරයි. රැකියා කටයුතුවලට උදාසීනතා ඇති වේ. හදිසියේ මුදල් වියදම් වීමක් පෙන්වයි. විභාග කටයුතුවලට එතරම් ශුභ නැත. දණහිසෙන් පහල රෝගාබාධ ඇති කරයි.

තුලා

හුදෙකලාව ප්‍රිය කරයි

සිතේ සතුට ඇති වේ. ආදායම් මාර්ගවල ප්‍රගතියක් ඇති වේ. කෑමබීම සම්බන්ධයෙන් වෙනස්කම් සිදු වේ. ගෙදරදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. අන්‍යයන්නේ ඈත්ව කාලය ගත කිරීමට උත්සාහ දරයි. ආශ්‍රය කරන්නන්ගේ අදහස් තේරුම් ගැනීමේ හැකියාවම ලැබේ.

වෘශ්චික

මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබේ

සුළු සුළු ලාභ ලැබේ. වියදමට සරිලන ආදායම් උපයයි. අධ්‍යාපන කටයුතුවලින් යම් සාර්ථකත්වයක් හිමි වේ. රැකියා කටයුතු සාමාන්‍යයි. පොළොව සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ලැබීමෙන් සිතේ සතුට ඇති වේ. සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

ධනු

සතුරු කරදර

දියුණුවට උත්සාහ ගන්නා මුත් එතරම් සාර්ථක ප්‍රතිඵල අත් නොවේ. සතුරු කරදර බහුලයි. ස්ත්‍රී පක්ෂයෙන් වාසි ලැබේ. අමුත්තකු මුණගැසීමට අවස්ථාව උදා වේ. රැකීරක්ෂා කටයුතුවල දී කාර්යක්ෂමතාව ඇති වේ. තරග විභාගවලට ඉදිරිපත් වීමෙන් ජය ලබයි. ශරීර සෞඛ්‍යය යහපත්.

මකර

වෙළෙඳාමෙන් පාඩු

බලාපොරොත්තු ඉටු නොවේ. අධික ලෙස මුදල් වියදම් වේ. විවාහ යෝජනාවලට විරෝධතා මතු වේ. නීති ප්‍රශ්නවලින් පරාජයට පත් වේ. හිතවත් අය සමග අමනාපකම් ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. වෙළෙඳ ව්‍යාපාර පාඩුවට යයි. රක්තවාතාබාධ උත්සන්න කරයි.

කුම්භ

නඩුහබවලින් අවාසි

රැකියා කටයුතුවල නියැළීමේ දී කල්පනාකාරී විය යුතුයි. උසස් පුද්ගලයන්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක. ගෙදරින් පිට වාසය කිරීමට සිදු වේ. ආගම දහම කෙරේ භක්තියක් ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ. නඩුහබ සම්බන්ධ කටයුතුවලින් පාඩු ඇති කරයි. හෘද පීඩා උත්සන්න වේ.

මීන

පවුල් ජීවිතයේ ගැටලු

ලාභ ප්‍රයෝජන අඩු දිනයකි. නැදෑ හිතවතුන් නිසා සිත් වේදනා ඇති වේ. රහස් සතුරන් ඇති විය හැක. විවාහයේ ගැටලු මතු කරයි. සිත් කලකිරීම් සිදු වේ. එහෙත් දූ දරුවන් නිසා සිතේ සතුට ඇති කරයි. කාර්යක්ෂම ලෙස වැඩකටයුතුවල නිරත වේ. හස්ත කර්මාන්තවල යෙදී සිටින අයට යහපත් ප්‍රතිඵල අත් කරයි. හදිසි අනතුරුවලට ලක් විය හැක.