පලා පල

අද දවස ඔබට කොහොමද?

2021 සැප්තැම්බර් මස 18 වැනි සෙනසුරාදා

රාහු කාලය දිවා 09.03 සිට 10.34 දක්වා රාත්‍රී 09.07 සිට 10.37 දක්වා

ශුභ දිසාව- දකුණ, මරු සිටින දිසාව- නැගෙනහිර

මේෂ

දේපළ උරුම

දියුණුවට කටයුතු සැලසේ. හදිසි ධන ලාභ උරුමයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් උපයයි. දේපළ උරුම ලැබේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. තරග විභාගවලින් ජයග්‍රහණ ලබා ගනී. විදේශයන් සම්බන්ධ කටයුතුවලට ශුභදායකයි. සෞඛ්‍යය යහපත්.

වෘෂභ

නීති ගැටලුවලින් අවාසි

රැකියා ස්ථානයේ සතුරු කරදර මතු වේ. මුදල් සම්බන්ධ කටයුතුවල දී පාඩු සිදුවිය හැක. වාසස්ථානයේ වෙනස්කම් සිදු වේ. නීති ගැටලුවලින් පාඩු ලබයි. අධ්‍යාපන කටයුතුවලට උදාසීනතා මතු වේ. වෙළෙඳ කටයුතුවලින් පාඩු සිදුවිය හැක. හෘද පීඩා උත්සන්න වේ.

මිථුන

රැකියා ස්ථානයේ ගැටලු

සිතේ පීඩාවෙන් කල් ගත කරයි. අන්‍යයන්ගේ වැඩ හේතුවෙන් සිතේ බය සංකා ඇති වේ. අධික වියදම් ඇති කරයි. රැකියා ස්ථානයේ ගැටලු මතු වේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. කකුල් සම්බන්ධ රෝගාබාධ හටගනී.

කටක

නව මිතුරන් ලැබේ

ආදායම් ලැබීම අතින් යහපත්. ආදායම් මාර්ග කිහිපයක් සලසා ගනී. නව මිතුරන් ඇසුරට ලැබේ. ගරු සැලකිලිහිමි වේ. විනෝදාත්මක කටයුතු කෙරේ සිත ඇදී යයි. වාද විවාදවලට යොමු වීමෙන් ජය ලබයි. අවිවාහකයන් අතර ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගේ.

සිංහ

බලාපොරොත්තු ඉටුවේ

වියදමට සරිලන ආදායම් උපයයි. අධ්‍යාපන කටයුතුවලින් යම් සාර්ථකත්වයක් හිමි වේ. රැකියා කටයුතු සාමාන්‍යයි. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවක් ඉටු වේ. තරග විභාගවලින් ජයග්‍රහණ ලබයි. ඌෂ්ණාධික උදරාශ්‍රිත රෝගාබාධ මතු වේ.

කන්‍යා

ගෘහ ජීවිතයේ ගැටලු

බලාපොරොත්තු ඉටු නොවේ. අධික ලෙස මුදල් වියදම් වේ. නීති ගැටලුවලින් පාඩු සිදු වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ. වෙළෙඳ ව්‍යාපාරවලින් පාඩු සිදු වේ. සැමියා හා භාර්යාව අතර මත ගැටුම්වලට ඉඩ පවතී. ඌෂ්ණාධික රෝගාබාධ මතු වේ.

තුලා

සිත් චංචල වේ

සිත් චංචල කරවන සිදුවීම් යෙදේ. හදිසි කෝපය ඉස්මතු කරයි. ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. කරගෙන යන කටයුතුවලට බාධා ඇති වේ. රැකියා ස්ථානයේ දී කල්පනාකාරීව කටයුතු කරන්න. පවුල් ජීවිතය සාමාන්‍යයි. ආහාර ජීර්ණය සම්බන්ධ රෝගාබාධ ඇති කළ හැක.

වෘශ්චික

පැරණි මිතුරකු හමුවේ

ආදායම මෙන්ම වියදම ද සමබර වේ. ස්ත්‍රීන් සම්බන්ධ වෙළෙඳ කටයුතූවලින් ලාභ ලබයි. කලකින් හමු නොවූ අයකු මුණගැසේ. රැකීරක්ෂා කටයුතුවල දී කාර්යක්ෂමතාව ඇති වේ. අධ්‍යාපනයේ යෙදී සිටින අයට නව විෂයයන් ඉගෙනීමට ලැබේ. ශරීර සෞඛ්‍යය යහපත්.

ධනු

නිවසේ අලුත්වැඩියා කටයුතු

ආදායම් මාර්ගවලට බාධා ඇති වේ. තම ගෞරවයට කැලැල් සිදුවිය හැක. කරගෙන යන කටයුතු කල් දැමීමට සිදු වේ. අනුන්ගේ වැඩ තමාටම කිරීමට සිදු වේ. නිවසේ අලුත්වැඩියා කටයුතුවලට සිත යොමු වේ. අධ්‍යාපනයට ශුභයි. ශරීරයේ අප්‍රාණික ගති ඇති කරයි.

මකර

හුදෙකලාව කටයුතු කරයි

මුදල් ලැබීම අතින් ශුභදායකයි. ගෙදරදොර නවීකරණ කටයුතු සිදු කරයි. රැකියා ස්ථානයේ උසස්වීම්වලට පදනම වැටේ. හුදෙකලාව කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. අන්‍යයන්ගේ සිත් කියැවීමේ හැකියාව ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් ජය ලබයි.

කුම්භ

වංචාවලට හසුවේ

වියදම් පක්ෂය වැඩියි. තම ගෞරවයට හානි සිදුවීමේ ඉඩ පවතී. ඥාතීන් සමග කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. වංචාවලට හසුවිය හැක. කරගෙන යන කටයුතුවලින් පාඩු සිදු වේ. රැකියාවේ වෙනස්කම්වලට ඉඩ පවතී. හදිසි අනතුරුවලින් ප්‍රවේසම් වන්න.

මීන

රැකියා ලැබේ

බලාපොරොත්තු ඉටු වේ. සමාජයේ ජනප්‍රියත්වයට පත් වේ. දැනට කරන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතු ද දියුණුවට පත් වේ. වස්තු ලාභ හිමියි. රැකියා බලාපොරොත්තු වන්නන්ට ශුභදායකයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ.