brand logo

අණ නොතකා ධාවනය කළ කැබ්රියට ඕමන්තේ දී වෙඩි

03 March 2021

    බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ දැව තොගයක් සහිත කැබ් රථයකට ඕමන්තේ මානික්කර්වලවු ප්‍රදේශයේ දී අද (03) යුධ හමුදාව විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති බව ඕමන්ත පොලිසිය සඳහන් කරනවා. අදාළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ද පොලීසිය සඳහන් කර ඇත. මෙහිදී එම කැබ් රථය යුධ හමුදාව විසින් නැවත්වීමට ගත් උත්සාහයේදී අණ නොතකා ධාවනය කර තිබේ. පොලීසිය පැවසුවේ' 563 බළසේනා නිළධාරීන්ට නීති විරෝදී දැව ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කරන ලද වැටලීමේදී අණ නොතකා ධාවනය කළ බුරුත දැව ප්‍රවාහනය කළ කැබ් රථයකට වෙඩි තබා තිබෙන බවයි. තුවාල කරුවන් යුද හමුදාව විසින් වවුනියාව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 

More News..