brand logo

අඩක් හිස්කළ ගෑස් සිලින්ඩර නැවත භාරදීමට වැඩපිළිවෙළක්

26 January 2022

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දැනුම්දීමක් 

අර්ධ වශයෙන් භාවිත කරන ලද දෝෂ සහිත සහ සැක සහිත ගෑස් සිලින්ඩර ආපසු භාරදීමට කැමති පාරිභෝගිකයින් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව එලෙස භාරදෙනු ලබන ගෑස් සිලින්ඩරවල ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වත්මන් වෙළෙඳපොළ මිටල අනුව ගණනය කර එකී වටිනාකම නව ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේ දී අඩු කළයුතු බවට අදාළ ගෑස් සමාගම් වෙත උපදෙස් දී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා. එම කටයුතුවලදී ගෑස් බෙදාහරින්නන්, නියෝජිතයින් ගෑස් සිලින්ඩර ආපසු භාරගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එම අංක පහතින්.    
 

More News..