අතන මෙතන

අගමැති රත්කළ පුජාගේ හාද්ද

පසුගිය සති අන්තයේ විශේෂ ආගමික කටයුත්තකට ඉන්දියාවට ගිය අගමැති රනිල් හා බිරිඳ මෛත‍්‍රී චෙන්නායි සිට තිරුපති කෝවිල දක්වා ගියේ ඉන්දීය රජය සූදානම් කළ විශේෂ හෙලිකොප්ටරයකිනි. පූජාව නිම කළ අගමැතිවරයා වහාම යළි චෙන්නායි වෙත පැමිණ කොළඹට ළඟා වූයේ එදින රාත‍්‍රියේ පැවති සරසවි සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමටය.

එහිදී ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය ඉන්දීය නිළියක් වන පූජා උමාශංකර්ට සම්මානය ලබා දුන්නේ අගමැති අතිනි. ”මම ආසයි ඔබතුමාට හග් එකක් දෙන්න” පූජා ඉඟි බිඟි පාමින් අගමැතිවරයාගෙන් ඇසුවාය. ” ඔබේ ආසාවට මම බාධා කරන්නනේ නෑ. මම ඒක තවත් ධෛර්යමත් කරනවා” අගමැති කීවේ සිනාසෙමිනි.

පූජාගෙන් උණුසුම් හාද්දක් ලැබූ අගමැතිවරයා පෙරළා ඇයටද ඊටත් වඩා උණුසුම් හාද්දක් දුන්නේ කාගේත් දැවැන්ත අත්පොලසන් හඬ මධ්‍යයේය. එම හාදු හුවමාරුව පසුගිය සතියේ සමාජ ජාලාවල උණුසුම්ම පුවත බවට පත් විය.